ප්‍රමුඛ පුවත 1

බාලවයස්කරුවෙකු පැදවූ මෝටර් රථයට දරුවන් දෙදෙනෙකු බිලි වෙයි

(UTV | කොළඹ) – බාලවයස්කරුවෙකු පැදවූ මෝටර් රථයක ගැටී ළමුන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

වීරකැටිය, තංගල්ල මාර්ගයේ පාසලක් අසලදී ළමුන් දෙදෙනා සමඟ බස් රථයකින් බසින ලද කාන්තාවක මාර්ගය හරහා ගමන් කිරීමේදී බස් රථය පිටුපසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු ඔවුන් වීරකැටිය රෝහලට ඇතුළත්කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට මාරු කර තිබේ.

එහිදී දැරිය මියගොස් ඇති අතර මව සහ පිරිමි දරුවා යලි මාතර රෝහලට ඇතුළත් කිරීමේදී පිරිමි දරුවා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ 12 හැවිරිදි දැරියක් සහ 06 හැවිරිදි පිරිමි දරුවෙකි.

15 හැවිරිදි ළමයෙකු විසින් අනතුර සිදුකළ මෝටර් රථය ධාවනයකර ඇති අතර සිද්ධියට අදාළව මෝටර් රථයේ ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැතිගේ වියදම් කැපීමට ගෙන ආ යෝජනාව ව්‍යවස්ථානුකූලයි – කථානායක

Mohamed Dilsad

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

Mohamed Dilsad

නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩි දඩුවම්

Mohamed Dilsad

Leave a Comment