ප්‍රමුඛ පුවත 1

සජීත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 30 වනදා

 

(UTV | කොළඹ) – නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුව විසින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ලබන 30 වැනිදා එළිදැක්වීමට සජිත් සැලසුම් කර තිබේ.

මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රධානියා ලෙස කටයුතු කරන එම ප්‍රතිපත්ති සම්පාදක කමිටුව, ආචාර්ය හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න යන රාජ්‍ය ඇමතිවරුන් ඇතුළත්ව විවිධ ක්‍ෂේත්‍රවලට අයත් විශේෂඥයෝ ගණනාවක් සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් හමුවී මෙම කමිටුවේ සාමාජිකයන් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෙටුම්පත ඉදිරිපත් කර තිබෙන අතර, පක්‍ෂ නායකයන් ඊට අනුමැතිය ලබාදී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම අවස්ථාව සඳහා රාජිත සේනාරත්න, රවී කරුණානායක, චම්පික රණවක, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් යන මහත්වරුන් පිරිසක් සහභාගි වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මන්නාරම මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සොයා ගනී

Mohamed Dilsad

වැස්සේ අඩු වීමක්

Mohamed Dilsad

කටුනායක අධිවේගයේ කොටසක් හෙට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment