ප්‍රමුඛ පුවත 1

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි වැඩිවෙයි

(UTV | කොළඹ) –  දිවයිනට ගිණිකොණ දිග දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට බලපා ඇති වැසි තත්ත්වය හෙට (26) සිට වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

මේ අනුව උතුර , නැගෙනහිර , උතුරුමැද , සහ ඌව පළාත්වලත් බස්නාහිර වයඹ සහ සබරගමුව පළාත්වලත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද තැනින් තැන වැසි ඇති විය හැකි බව කාළගුණ නිවේදනයේ සදහන්.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී සුළං සහ අකුනු මගින් සිදුවිය හැකි අනතුරු අවමකර ගැනීමට පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

රාජාංගනය, තබ්බෝව සහ දැදුරු ඔය ජලාශවල වාන් දොරටු තවමත් විවෘතව පවතින අතර, රත්නපුර, කෑගල්ල, කළුතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලට පැන වූ නායයෑමේ අවදානම ද මේ වනවිටත් ක්‍රියාත්මකයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ රෝගී ආරක්ෂිත සේවාව විධිමත් බව සුව ඇමැති ලොවට කියයි

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදි කල්පනා කර බලා තීන්දුවක් ගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment