ප්‍රමුඛ පුවත 1

තරුණයින්ගෙන් ගුටි කෑ සිසුන් දෙදෙනෙකුට තුවාල

(UTV |කොළඹ) – පාසැල් සිසුන් දෙදෙනෙකුට තරුණයින් පිරිසක් පහර දීමේ සිද්ධියක් වාර්තාවේ.

වව්නියාව ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන  සිසුන් දෙදෙනා තුවාල ලබා  ඊයේ (23 දා) පස්වරුවේ  වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙලෙස රෝහල් ගත කර ඇත්තේ වවුනියාව මරවන්කුලම ගම්මානයේ පදිංචි වයස අවුරුදු 12 ක් හා 13 ක් වන එම සිසුන් දෙදෙනා පාසල නිමවී නිවස බලා යමින්  සිටියදී මහා මාර්ගයේ සිටි තරුණයින් පිරිසක් එම සිසුන් දෙදෙනාට පහර දී ඇති බව අනාවරණය වී ඇත.

මේ පහර දීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

තුවාල ලබා සිටි සිසුන් දෙදෙනා පසුව මහා මාර්ගයේ ගමන් කළ පිරිසක් විසින් වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම පහර දීමට සම්බන්ධ තරුණයින් පිරිස අත්අඩංගුවට ගැනීම සදහා කිඩච්චිඌර් පොලීසිය  කටයුතු කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක බන්ධනාගාරයට(UPDATE)

Mohamed Dilsad

25 වැනි ආසියානු කලාපීය සංසදයට සහභාගී වන මෙරට දුත පිරිස

Mohamed Dilsad

UTV නාලිකාවේ නිල ඇප් එක එළිදැක්වෙයි

Mohamed Dilsad

Leave a Comment