ක්‍රීඩා

සුපිරි පන්දු වාරයේ නීති වෙනස් වෙයි

(UTV |කොළඹ) – ආන්දෝලනයට තුඩු දුන් සුපිරි පන්දු වාරයේ නීති වෙනස් කිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබේ.

2019 ලෝක කුසාලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී සුපිරි පන්දු වාරය ගැන දැඩි කතා බහට ලක්ව්‍ය අතර ඉන් පසුව එම නීතිය වෙනස් කිරීමට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමු කෙරිණ.

මේ අනුව සුපිරි පන්දු වාරයේදී ලකුණු සමවීමක් සිදුවුවහොත් වැඩිම හතරේ පහර එල්ල කළ කණ්ඩායමට තරගයේ ජයග‍්‍රහණය ලබා දීමේ නීතිය ඉවත් කිරීමටයි අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර ඇත.

කෙසේ හෝ මින් ඉදිරියට සුපිරි පන්දු වාරයකදී කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගතහොත් එක් කණ්ඩායමක් ජයග‍්‍රහණය කරන තුරු නැවත නැවතත් සුපිරි පන්දුවාර කි‍්‍රයාත්මක කෙරෙන පරිදි එම නීතිය සංශෝධනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධනුෂ්කගේ ක්‍රිකට් තහනම ඉවත් කිරීම නීත්‍යනුකූල නොවන බවට ප්‍රකාශයක්

Mohamed Dilsad

මිස්බා උල් හක් ක්‍රිකට් වාර්තාපොතට

Mohamed Dilsad

නරඹන්නන් නොමැතිවීම තම කණ්ඩායමට වාසියක් – කොදෙව් පුහුණුකරු

Mohamed Dilsad

Leave a Comment