ප්‍රමුඛ පුවත 1

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – කලුතර ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සැකකරු, ප්‍රහාරයට පැමිණි වෑන් රථයට මග පෙන්වීම සඳහා යොදාගත් යතුරුපැදිය පැදවු පුද්ගලයා බවට අනාවරණ වී තිබේ.

මේ බව cctv දර්ශණ මගින් ලබාගත් දත්තවලින් සහ වැඩිදුර විමර්ශණවලදී ඒ බව හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.
කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් ඊයේ මෙම සැකකරු සහ යතුරුපැදිය අත්අඩංගුවට ගනු ලැබුවේ බලපිටිය අධිකරණය අසලදීය.

ඔහු වැඩිදුර විමර්ශණ සඳහා කලුතර උතුර පොලිසියට භාරදී තිබේ.මෙම පුද්ගලයාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී හෙළිවී ඇත්තේ ඔහු හික්කඩුව ඇතුලු ප්‍රදේශ රැසකට හෙරොයින් මහා පරිමාණයෙන් බෙදා හැරීම, බරපතල තුවාල සිදු කිරීම් වැනි සිදුවීම්වලට සම්බන්ධ බවය.

එම සිදුවීම්වලට අදාළව මෙම සැකකරු බන්ධනාගාර ගතව සිට ඇති අතර ඔහු ක්‍රියාකාරී පාතාල සාමාජිකයකු වන මදුෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බවට ද පොලිසිය හෙළිකර ගෙන තිබේ.

මෙම පුද්ගලයා පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ සහ හික්කඩුව ප්‍රදේශවල පදිංචිව සිටින 29 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුගෙන් තවදුරත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙන අතර අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මීලග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි දීමට ඇමතිවරුන් 03ක්

Mohamed Dilsad

නිල වශයෙන් දැනුම් දෙන තුරු මිලෙහි වෙනසක් සිදු නොකරන්න ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිරවුම් හල් වෙත දැනුම් දෙයි

Mohamed Dilsad

ඉදිරි මැතිවරණයට පොළොන්නරුවෙන් තරඟ කිරීමට හිටපු ජනපතිට ආරාධනයක්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment