ප්‍රමුඛ පුවත 1

සජිත් දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡා

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ(09) යාපනයේදී පවත්වා තිබේ.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රමුඛ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි ඇත.

පෞද්ගලික හෝටලයක පැවති මෙම සාකච්ඡාවේ දී ඉදිරි ජනාධිපතිවරණය හා මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබේ.

එම්.ඒ.සුමන්තිරන්, ටී.සිද්ධාර්තන්, ඊ.සරවනබවන් ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සහ යාපනය නගරාධිපතිවරයා ද මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරලැස්ගමුව රිය අනතුර සිදුකළ වෛද්‍යවරියට ඇප

Mohamed Dilsad

රූබි වර්ගයේ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ දැරූ තරුණයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද සහ හෙට දින වල වැසි තත්ත්වයේ වර්ධනය

Mohamed Dilsad

Leave a Comment