ප්‍රමුඛ පුවත 1

මෙරට සරණාගතයින් පිරිසක් යළි දිවයිනට

(UTV| කොළඹ) – මෙරට පැවති යුද සමයේ දි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වු මන්නාරම් ප්‍රදේශයේ සරණාගතයන් පිරිසක් ඊයේ (05) පස්වරුවේ යළි දිවයිනට පැමිණියහ.

බන්ධනාගාර හා නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබුණි.

ඊයේ පස්වරුවේ ඔවුන් කටුණායක ගුවන් තොටුපල වෙත පැමිණියේය.

ඔවුන් පසුගිය යුද සමයේදී මන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටු මගින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සරණාගතයන් ලෙස පලා ගොස් තිබුණි.

27 දෙනෙකුගෙන් සමන්විත මෙම සරණාගතයින් පිරිසට කාන්තාවන් 11 දෙනෙකු පිරිමි පුද්ගලයන් 10දෙනෙකු හා ළමුන් 6  දෙනෙකු ඇතුලත්වේ.

මොවුන්  යාපනය, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනවා.ඔවුන් යළි සිය ගම්බිමි බලා ගමන් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රංජන් ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ [UPDATE]

Mohamed Dilsad

ඇමෙරිකාවේ FBI නිලධාරීන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

මෙරට සිටින සෞදි අරාබි ජාතිකයින්ට සෞදි තානාපති කාර්යාලයෙන් නිවේදනයක්.

Mohamed Dilsad

Leave a Comment