ප්‍රමුඛ පුවත 1

අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කරන්න සිංගප්පුරුව සුදානම්

(UTV| කොළඹ) – හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳ, ඊට අදාළ තොරතුරු සහ ලියකියවිලි ලැබුණු පසු සලකා බලන බව සිංගප්පූරු රජය පවසයි.

එරට ද ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය මේ බව සඳහන් කර ඇත්තේ සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමිනි.

මෙම වසරේ ජනවාරි 18 වැනිදා සිට අදාළ තොරතුරු හා ලියකියවිලි ඉල්ලා ඇතත්, මේ දක්වා ඒවා ලැබී නොමැති බවයි ද ස්ට්‍රේට් ටයිම්ස් පුවත් වෙබ් අඩවිය සඳහන් කරයි.

ඒ බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයද තහවුරු කර ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම ලියකියවිලි ලැබුණු වහාම සිංගප්පූරු නීතියට අනුකූලව අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කිරීමේ ඉල්ලීම පිළිබඳව සලකා බලන බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

2015 වසරේ සිදුවු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව චෝදනා එල්ල වුණි.

කෙසේ වෙතත්, සිංගප්පූරුවට භාරදීම සඳහා පිටු 21,000 කින් සමන්විත ලේඛණයක් නීතිපතිවරයා විදේශ කටයුතු අමාත්‍යාංශයට භාර දී ඇති බව පසුගියදා වාර්තා විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 60 ක ජංගම දුරකථන රේගු දැලේ

Mohamed Dilsad

රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර නව ප‍්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

Mohamed Dilsad

ඊළඟ මාස පහ තුළ රටේ සංවර්ධනයට කෝටි 8000ක් -මුදල් ඇමති කියයි

Mohamed Dilsad

Leave a Comment