ප්‍රමුඛ පුවත 1

බොහෝ ප්‍රදේශ වලට අද වැසි වැඩි වන ලකුණු

(UTV| කොළඹ) – බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අනුරාධපුරය සහ මන්නාරම දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය,හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ අංශ දැනුම් දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 27වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද (02)දහවල් 12.11ට මහවැව, අලලුව, කඩහපොල, උහුමීය, කන්දෙනුවර, ගිරාඳුරුකෝට්ටේ සහ පෙරියනීලවනෙයි යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

 

Related posts

සාපෙළ හැදෑරු සෑම සිසුවෙකුටම උසස් පෙළ හැදෑරීමට පුළුවන් – අධ්‍යාපන ඇමති කියයි

Mohamed Dilsad

පොල්පිටිය ප්‍රදේශයේ සිදුවීමට එස්.බී කණගාටුව පළකරයි

Mohamed Dilsad

උසස්පෙළ අයඳුම්පත් පාසැල් වලට යැවේ

Mohamed Dilsad

Leave a Comment