ප්‍රමුඛ පුවත 1

මෙරට ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ඉහළට

(UTV | කොළඹ) – රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන ආකාරයට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ලබන මාසයේ සිට වැඩි කිරීමට තීරණය කර ඇති අතර ඒ අනුව මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙනම ගාස්තු අය කිරීමට නියමිතව ඇත.

වසර ගණනාවක් තිස්සේ මෙම ගාස්තු සංශෝධනය කර නොමැති අතර දිනකට ශ්‍රී ලංකා ගුවන් සීමාවේ ගුවන් ගමන් 300 ක් පමණ සිදු වේ.

මේ හරහා අමාත්‍යාංශයට අමතර ආදායමක් උපයා ගැනීමට බලාපොරොත්තුවන බවත් නව ගාස්තු අය කිරීම ඉන්දියාවේ අය කරනු ලබන ගාස්තුවලට බොහෝ දුරට සමාන වන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Related posts

ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට

Mohamed Dilsad

IOC ඉන්ධන මිලත් පහළට

Mohamed Dilsad

මීතොටමුල්ලේ සොයාගත් මළසිරුරු ගණන 32ක් වෙයි

Mohamed Dilsad

Leave a Comment