විදෙස්

පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයට රතු එළි

(UTV | කොළඹ) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ විදුලි බිල ගෙවා දැමීමට කටයුතු නොකළහොත් විදුලිය සැපයුම විසන්ධි කරන බවට ඉස්ලාමාබාද් විදුලිය සැපයුම් සමාගම පකිස්තානයට අනතුරු අඟවා තිබේ.

රුපියල් ලක්ෂ 41 ක් වන විදුලි බිල පිළිබඳව අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්න ද නිසි ප්‍රතිචාර ලැබී නොමැති බැවින් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ලේකම් වෙත දැනුම්දීමක් කරමින් අදාළ සමාගම ප්‍රකාශ කර ඇත.

පාකිස්ථානයේ පවතින නීතිය අනුව, අඛන්ඩව මාස දෙකක් විදුලි බිල්පත් නොගෙවන්නේ නම් සැපයුම විසන්ධි කිරීමට විදුලි සමාගමට හැකියාව පවතින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේ

Mohamed Dilsad

2019 ලෝක රූ රැජිණ තරගාවලියේ ජය ජැමෙයිකාවට

Mohamed Dilsad

ඇමරිකාවේ සමූල ඝාතන ඉහළට

Mohamed Dilsad

Leave a Comment