ගොසිප්

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක්

මෙවර ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසයි.

මේ සඳහා අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති බව ඔහු ඊයේ (22) මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

“ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ඒ ගැන දැනටමත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි කවුද අපේක්ෂකයා කියලා තවම තීරණය කරලා නැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඕනෑම අපේක්ෂකයෙකුට 50% කට වැඩිය ඡන්දය මේ පාර ලබාගන්න බැහැ. ඒ හේතුව නිසා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලබාගන්න අපේක්ෂකයාට අපි වෙනම සහය දෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. ”

Related posts

ජනාධිපතිවරයාට අවුරුද්දකින් දේශපාලනය එපා වෙලා

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට උල් කතුරක් රැගෙන ආ තිදෙනෙකු ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක දරුවෙකු මියයයි

Mohamed Dilsad

Leave a Comment