ගොසිප්

හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයෙක්

මෙවර ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා පවසයි.

මේ සඳහා අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති බව ඔහු ඊයේ (22) මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

“ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ඒ ගැන දැනටමත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි කවුද අපේක්ෂකයා කියලා තවම තීරණය කරලා නැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඕනෑම අපේක්ෂකයෙකුට 50% කට වැඩිය ඡන්දය මේ පාර ලබාගන්න බැහැ. ඒ හේතුව නිසා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලබාගන්න අපේක්ෂකයාට අපි වෙනම සහය දෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. ”

Related posts

රන්ජන් මානව හිමිකම් ඉල්ලා ජිනීවා යන්න සූදානම් වෙයි

Mohamed Dilsad

රාජකාරී දිවියෙන් සමුගැනීමට සැරසෙන මැකො [PHOTOS]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සමඟ තරඟය ගැන ඇන්ඩර්සන්ගෙන් ආයාචනයක්

Mohamed Dilsad

Leave a Comment