ප්‍රමුඛ පුවත 1

නීති විරෝධී මත්පැන් වැටලීම් ගැන දැනුම් දෙන්න 1913

(UTV| කොළඹ) – නීති විරෝධී මත්පැන් වැටලීම් සිදුකිරීමට අවශ්‍ය තොරතුරු ලබා දීම සදහා 1913 ලෙසින් ක්ෂණික දුරකථන අංකය අද(19) හඳුන්වා දෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.
නීතිවිරෝධී මත්පැන් පිළිබඳව මහජන පැමිණිලි ලබාගැනීම සඳහා එය පැය විසිහතර පුරා ක්‍රියාත්මක කරයි.
මෙම ක්ෂණික දුරකතන සේවාව මගින් මහජනතාවගෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍ය භාවය රකින අතර නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය හා ලඟ තබාගැනීම සම්බන්ධයෙන් ද පැමිණිලි කළ හැකි බව සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
බලපත්‍ර යටතේ නිෂ්පාදනය කරන මත්පැන් පවා නියමිත ප්‍රමාණයට වඩා ළඟ තබාගැනීම තහනම් බැවින් එවන් අවස්ථා පිළිබඳව ද මහජනතාවට පැමිණිලි කළ හැකි බව මුදල් අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය සඳහන්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීතොටමුල්ල සිද්ධිය ගැන සොයන්න ජපාන විශේෂඥය කණ්ඩායමක් සිකුරාදා දිවයිනට

Mohamed Dilsad

ඉන්දන මිල සුත්‍රය මින් ඉදිරියට නෑ – ඩලස් අලහප්පෙරුම

Mohamed Dilsad

විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment