ප්‍රමුඛ පුවත 1

JMI සංවිධානයේ තවත් සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|අම්පාර) – JMI සංවිධානය හෙවත් ජමාතේ මිල්ලතේ ඊබ්රවහිම් සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් සහරාන් හෂීම් සමඟ අවි පුහුණුව ලබා ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මන්සූර් සෙයිෆුල්ලා හක් නොහොත් අබුසයිඩ් නමැති සැකකරු නුවරඑළියේ දී අවි පුහුණුව ලබා ඇති අතර මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි මුස්තාක් අලි අම්හර් නොහොත් අබුහින්ඩ් නමැති සැකකරු හම්බන්තොට දී අවි පුහුණුව ලබා තිබේ.

ඔලුවිල් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහොමදු තාහීර් හිදයතුල්ලා නොහොත් අබුතුරාබ් යන පුද්ගලයා නුවරඑළියේ දී අවි පුහුණුව ලබා ඇති බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්.

Mohamed Dilsad

එක්දින වෛද්‍ය වැඩ වර්ජනයක්

Mohamed Dilsad

ලංගම බස් රථයක් තෙල්දෙණියේදී අනතුරට

Mohamed Dilsad

Leave a Comment