ක්‍රීඩා

පාකිස්තානය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආරක්‍ෂාව තහවුරුද?

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයන් දෙදෙනෙකු අනිද්දා පකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතය.

ඒ ඔක්තෝබර් මාසයේදී ටෙස්ට් තරග සංචාරයක් සඳහා පැමිණීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් ඇතිදැයි විමසා බැලීමටය.

පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී එශාන් මානි මහතා කියාසිටියේ අයි සී සී ලෝක ටෙස්ට් තරඟාවලියේ එක් අදියරක් ලෙස මෙම තරගාවලිය සැලසුම් කර ඇති බවයි.

කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් යන නගරවල හෝටල් සහ ක්‍රීඩාංගණවල ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ලාංකික නියෝජිතයන් කරුණු විමසා බැලීමට නියමිතයි.

මෙම නියෝජිතයන් ලබාදෙන වාර්තාව අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තරගාවලියට සහභාගීකරවීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

2009 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලාහෝර් නුවරදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු වසර 10 කට වැඩි කාලයක් තුළ පකිස්ථානය තුළ මේ දක්වා කිසිදු ටෙස්ට් තරගාවලියක් පවත්වා නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය පන්දු යවන්නෝ එංගලන්ත පළමු ඉනිම සුණූ විසුණූ කළ හැටි

Mohamed Dilsad

කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

2018 ආසියානු දැල් පන්දු ශුරතාව ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment