ප්‍රමුඛ පුවත 1

වැල්ලවත්තේ ගැටුමට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වැල්ලවත්ත ප්‍රදේශයේ ලක්මුතු සෙවන නිවාස සංකීරණයේ දෙපිරිසක් අතර ඇතිවු ගැටුමට සම්බන්ධ එක අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඊයේ (04) රාත්‍රී 10 .45ට පමණ එම ප්‍රදේශයේ පිරිසක් හා පුද්ගලික කොන්ත්‍රාක් සමාගමක පිරිසක් අතර ගැටුම හටගෙන තිබේ.

පොලීසිය සහ ආරක්ෂක අංශ මැදිහත්ව එම ගැටුම සමථයකට පත් කර ඇත.

මෙහිදී ගැටුම්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලසීය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන එකකයද කැඳවා තිබිණි.

ගැටුම් හෙතුවෙන් එම දෙපාර්ශවයේ පුද්ගලයින් තිදෙනෙකු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට හා කළුබෝවිල රෝහලට ඇතිලත් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

බීමත්ව ඇති වු ආරවුලක් මත මෙම ගැටුම හටගෙන ඇති බවට තොරතුරු අනාවරණය වි ඇත.

වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය විෂය පථ යළි වෙනස් වන ලකුණු

Mohamed Dilsad

සැකකරුවන් සැඟවී සිටි නාවලපිටිය පාවහන් අලෙවිසැල විශේෂ පරීක්‍ෂාවට

Mohamed Dilsad

තිස්ස අත්තනායකට රට යන්න අවසර

Mohamed Dilsad

Leave a Comment