ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලලිත් රාජපක්ෂ නිදහස් කෙරේ

(UTV| කොළඹ) – මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ බිරිඳට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි යුද හමුදා විශ්‍රාමලත් බලලත් නිලධාරී ලලිත් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.

ඒ රුපියල් 25,000ක මුදල් හා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමටයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහතා එහිදී නියෝග කළේ.

එමෙන්ම සැම ඉරුදිනකම පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද සැකකරුට නියම කෙරුණේය.

විදේශගතව සිටින මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් ප්‍රකාශ කර සිටියේ හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා අද සැකකරු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඒ සඳහා සාක්ෂිකරුවෙකු ලෙස සහභාගිවීමට නොහැකි බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ හඳුනා ගැනීමේ පෙරට්ටුව අවලංගු කරන ලෙසටයි.

මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතා සහ ඔහුගේ බිරිඳට ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පහරදී තිබුණේ 2009 වසරේ ජනවාරි මස 23වනදායි.

මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 25වනදා යළි කැදවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අද රාත්‍රීයේ සිට සඳුදා අළුයම තෙක් දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට

Mohamed Dilsad

යුද හමුදාවේ බ්‍රිගේඩියර්වරුන් 8 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment