ප්‍රමුඛ පුවත 1

ප්‍රවීන ගුවන් විදුලි නිවේදක කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – ප්‍රවීන ගුවන් විදුලි නිවේදිකාවක , ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනයක මෙන්ම ගේය පද රචිකාවියක වු කුසුම් පිරීම් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

70 දශකයේ ගුවන් විදුලි ක්ෂේත්‍රයට පිවිසි එතුමිය සහන නිවේදිකාවක ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට බැඳුනේය.

සහන නිවේදිකාවක ලෙස කටයුතු කරන අතරතුර ගේය පද රචනයට ද එක්වූ කුසුම් පීරිස් මහත්මිය, ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ, හිත මිතුරු සුළඟ, අසුරු සැනින් එක මොහොතකදී, දිගු නෙත් හසරැල්ලේ, සිතුවිලි සිරවී, හිත ගාව දඟ කළා ආදී ගීත රැසක් රචනා කඅ තිබේ.

ඇය නිර්මාණය කල ගීත නිර්මාණ වෙනුවෙන් ඇය ජනාධිපති සම්මාන රැසකින්ද ඇය පිදුම් ලබා ඇත.

මාස කිහිපයක සිට ඇය රෝගී තත්වයෙන් සිට ඇති අතර මිය යන විට ඇය 71ක් වන වියේ පසු වූවාය.

දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා කඩවත,ඇල්දෙණිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වැලිකඩ බන්ධනාගාරය තුළ විරෝධතාවයක්

Mohamed Dilsad

මංතීරු නීතිය යටතේ රියදුරන් 1190කට නීතිය ක්‍රියාත්මක කෙරේ

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment