ප්‍රමුඛ පුවත 1

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජනයකට සැරසේ

(UTV| කොළඹ) – තම වැටුප් ගැටළුවට කඩිනමින් විසදුම් ලබා නොදුනහොත් ලබන 22 වන දින එක්දින සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ සම්බන්ධයෙන් තැපැල්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එහි ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ වැඩ වර්ජනයක් කලත් එයට විසදුමක් ලබා දුන්නට එය තවමත් ක්‍රියාත්මක නොවූ අතර වැටුප් කොමිසන් සභාව විසින් නිසි වාර්තාවක් තවමත් ඉදිරිපත් කර නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එළඹෙන 15වනදා තැපැල්පතිවරයා සමඟ තිබෙන සාකච්ඡාවේදි නිසි විසඳුමක් නොලැබුනහොත් අසනීප නිවාඩු වාර්තාකර 22වනදාට සංඛේත වැඩ වර්ජනයක් සිදු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය ප්‍රථම වරට යුධ අභ්‍යාසයක

Mohamed Dilsad

නීති විරෝධි මත් පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment