ප්‍රමුඛ පුවත 1

ඇමරිකානු ජනාධිපතිගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්.

(UTV| කොළඹ) – වගවීම, ප්‍රතිසන්ධානය සහ නීතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ කැපකිරීම් ප්‍රශංසනීය බවත් ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වැනි අංශවලදී දෙරට අතර සබඳතා වැඩි දියුණු කරගැනීම අවශ්‍ය වන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි

ඔහු එසේ පැවසුවේ එරට නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස රොඞ්නි පෙරේරා මහතා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා වෙත සිය අක්ත පත්‍ර ප්‍රදානය කළ අවස්ථාවේදී.

ඒ , ධවල මන්දිරයේ පිහිටි ඕවල් කාර්යාලයේදී යි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ රොඩ්නි පෙරේරා මහතා අතර දෙරටට වැදගත් වන කරුණු රැසක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා මෙම අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලෝවාමහාපය සහ ජේතවනාරාමයේ ඡායාරූප දෙකක් ද තිළිණ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දෙයි(ඡායාරූප)

Mohamed Dilsad

2018 පොදුරාජ්‍ය මාණ්ඩලීය ව්‍යාපාරික සමුළුවට ශ්‍රි ලංකාව සූදානම්

Mohamed Dilsad

ලංකාවේ දේශපාලන අර්බුදය විමර්ශනය කිරීමට මේරියම් යම්ෂිඩා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment