ප්‍රමුඛ පුවත 1

දේශපාලනඥයින් සම්බන්ධවී කෙරෙන ජාවාරම් ගැන මදුෂ් හෙළි කළා – ඇමති රාජිත කියයි

(UTV| කොළඹ)  – දේශපාලනඥයින් හත් දෙනෙකුගේ දේශපාලන ජාවාරම් මාකදුරේ මධූෂ් විසින් හෙළිකර ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔවුන්ගේ නම් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලින්යෙන් පසු ජනතාවට හෙළි කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) පස්වරුවේ උතුරු පයාගල සිට ගොරකදුව පාර අධිෂ්ඨාන පුර දක්වා මාර්ගය කාපට් කිරිම ආරම්භ කිරීමෙන් පසු පැවැති ජන හමුවක දීය.

එම ජාවාරම් කරන දේශපාලනඥයින්ගෙන් තිදෙනෙකු විපක්ෂයේ බවත්, සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයේ බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් මෙහිදී පැවසීය.

විපක්ෂයේ සිටින එක් අයෙකු තමන්ට චෝදනා එල්ල කළ විමල් වීරවංශ මහතාගේ ගෝලයෙකු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්ෂයේ ප්‍රධාන ධූරය ගැන තීරණයක් [VIDEO]

Mohamed Dilsad

මඩ ප්‍රහාර වලින් තමන්ගේ දේශපාලන ගමන නැවැත්විය නොහැක [VIDEO]

Mohamed Dilsad

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මුල්‍ය අර්බුධයක..

Mohamed Dilsad

Leave a Comment