ප්‍රමුඛ පුවත 1

වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අනුර සේනානායකට අධි චෝදනා භාරදීම අද

(UTV| කොළඹ) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කල බවට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහි නඩුව අද කැඳවීමට නියමිතව තිබෙන අතර , ඊට පෙනී සිටින ලෙස දක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අනුර සේනානායක මහතාට සිතාසි නිකුත් කරනු ලැබීය.

මීට අමතරව නීතිපතිවරයා විසින් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ගොණු කර ඇති අධි චෝදනා පත්‍ර අද (27) දිනයේදී භාරදීමට නියමිතයි.

2012 වසරේ මැයි මාසයේදී රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළදී ඝාතනයට ලක්වූ අතර , එම ඝාතනයේ අපරාධකරුවන් නීත්‍යානුකූල දඩුවමෙන් ආරක්ෂා කිරීම සඳහා අසත්‍ය තොරතුරු සැපයූ බවට අනුර සේනානායක මහතාට එරෙහිව අධිචෝදනා ගොණුකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

”ෆෝනී” සුළි කුණාටුව දිවයිනෙන් ඉවතට.

Mohamed Dilsad

සිසු සැරියට තවත් බස් රථ 100ක්

Mohamed Dilsad

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 03 ක්, එක් උමං මාර්ගයක වැඩ අවසන්- ඇමති පාටලී

Mohamed Dilsad

Leave a Comment