ප්‍රමුඛ පුවත 1

කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කල තිදෙනෙක්ට මරණ දණ්ඩනය

(UTV| කොළඹ) – පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් කාන්තාවකට පිහියෙන් ඇන මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේකෝන් මහතා මරණීය දණ්ඩනය නියම කළේය.

1991 වසරේ ඔක්තෝම්බර් මස 15 වනදා බම්බලපිටිය ප්‍රදේශයේදී අදාළ කාන්තව ඝාතනය කිරීමේ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කළේය.

තියුණු ආයුධවලින් පහරදී සිදුකර තිබූ මෙම ඝාතනයට හේතුව පවුල් ආරවුලක් බවයි අධිකරණයේදී අනාවරණ වුණේ.

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විත්තිකරුවන්ට කර තිබූ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව තීන්දු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පේදුරුතුඩුව වෙඩිතැබීමෙන් පසු කලහකාරීව හැසිරුණු දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් බංකරයටත් හානි

Mohamed Dilsad

ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා සමුළුවට

Mohamed Dilsad

ජනාධිපති කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා දින ලබාදෙයි

Mohamed Dilsad

Leave a Comment