ප්‍රමුඛ පුවත 1

වැලිකඩ රැඳවියන් 27ක් ඝාතනය කල සිද්ධියේ විභාගයට නීතිපති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

(UTV| කොළඹ) – 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විශේෂ මහාධිකරණ විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසට නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ලිඛිතව එම ඉල්ලීම සිදුකරමින් නීතිපතිවරයා දැනුම්දී ඇත්තේ අදාළ සිද්ධිය ත්‍රිපුද්ගල විශේෂ අධිකරණ මඩුල්ලක් හමුවේ විභාග කළ යුතු වැරදි සහිත සිදුවීමක් බවයි.

එම නඩුවේ විත්තිකරුවන් ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව,  හිටපු බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රංජන් ළමාහේවා සහ බන්ධනාගාර බුද්ධි අංශයේ සේවය කළ නිලධාරියෙකු වන හිමදුවගේ සුජීව සම්පත් යන අයට එරෙහිව චෝදනා 33 ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඛනිජ තෙල් සංස්ථාවත් සමග ලංවිම කිසිම අර්බුදයක් නැහැ – විදුලිබල ඇමති කියයි

Mohamed Dilsad

කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

අවසන් තීරණයක් ගන්නා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය අදයි

Mohamed Dilsad

Leave a Comment