ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක්

(UTV| කොළඹ) – නඩත්තු කටයුත්තක් හේතුවෙන් 22 වැනි සෙනසුරාදා පෙරවරු 9 සිට එදින මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 15 කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

මෙයට හේතුව වන්නේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතිය වැඩිදියුණු කිරීම සදහා ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය විසන්ධි කිරීම හා ජුබිලි ජල සැපයුම් පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සඳහා වේ.

එම ප්‍රදේශ වන්නේ කොළඹ , දෙහිවල – ගල්කිස්ස , කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ තුල හා මහරගම , බොරලැස්ගමුව , කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ සදහා මෙම ජල කප්පාදුව ක්‍රියාත්මක වනු ඇත.

එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කර සිටියේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ හා රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස සදහාද මෙම ජල කප්පාදුව බලාත්මක වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කතානායකගෙන් යළි නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පිලිපීන ජනපති හමුව අද

Mohamed Dilsad

මහරගම නගර සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

Leave a Comment