ප්‍රමුඛ පුවත 1

මඩකලපුවේ රිය අනතුරකින් පස් දෙනෙකු මරුට

(UTV| කොළඹ)  – මඩකලපුව වැලිකන්ද මාර්ගයේ කොළකනවාඩිය ප්‍රදේශයේදී  අත් ට්‍රැක්ටරයක වෑන් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද අලුයම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.

මිය ගිය පිරිස අතර කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ද වේ.

ඔවුන් සියලු දෙනා අත් ට්‍රැක්ටරයේ ගමන් ගත් පුද්ගලයින් බව පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විග්නේශ්වරන්ගේ තීරණයට අධිකරණය දුන් තීන්දුව

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

මධ්‍යම ප්‍රාන්තිකයින්ට වතුර බිල, ලයිට් බිල, ගෑස් බිල සඳහා සහන [VIDEO]

Mohamed Dilsad

Leave a Comment