ප්‍රමුඛ පුවත 1

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

(UTV| කොළඹ)  –  අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට අයත් වෘත්තීය සමිති සාමාජිකයින් විසිනි.

දුම්රිය සේවක ශ්‍රේණිවල විෂමතාවය ඉවත් කිරීම් සම්බන්ධයෙන් අනුමත වූ කැබිනට් පත්‍රිකාව මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු සහ දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පවසයි.

ඒ අනුව දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් හා දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් මෙම වැඩ වර්ජනයට එක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අග්‍රාමාත්‍යවරයා සහ එරික් සෝල්හයිම් අතර සාකච්ඡා

Mohamed Dilsad

රටට ගැලපෙන සමාජය 16 වනදා තීරණය කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

පුත්තලමේ මාරක රිය අනතුරක්.සිව් දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment