ප්‍රමුඛ පුවත 1

තලවකැලේ වතු නිවාස පේළියක ගින්නකින් නිවාස විසිහතරක් විනාශයි

(UTV| කොළඹ)  – තලවාකැලේ පොලිස් බල ප්‍රදේශයට අයත් හොලිරූඩ් තේ වත්තේ වතු නිවාස පේළියක  ගින්නක් හට ගෙන තිබේ.

මෙහිදී වතු නිවාස 24 ක් ගිනිගෙන මුළුමනින් විනාශ වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

ඊයේ (29) දා රාත්‍රි 10.30 ට පමණ  හොලිරූඩ් තේ වතු යායේ වතු නිවාස පේලියේ එක් නිවසක ඇතිවු ගිනි ගැනීමක් නිසා ගින්න හට ගෙන තිබේ.

ගිනිගැනීමෙන් කිසිවෙකුට ජීවිත හානි හෝ තුවාල සිදුවි නොමැත.

එම නිවාස වල ජීවත් වන පවුල් 24 කට අයත් පුද්ගලයින් 100කු අවතැන්ව ඇති බව පොලීසිය පවසයි.

ඒ අතර  පිරිමි 51 ක් හා කාන්තාවන් 49 ක් සහ පාසල් දරුවන් 22ක් වේ.

අවතැන්වුවන්ට තාවකාලිකව හොලිරූඩ් දෙමළ විද්‍යාලයේ නවාතැන් පහසුකම් සලසා දී ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර විදුලි කාන්දුවක් විය හැකි බවට තලාවාකැලේ පොලීසිය සැක පල කරයි.

තලවාකැලේ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහවැලි කේන්ද්‍රයේ නව අධ්‍යක්ෂවරයා ලෙස දයාශ්‍රිත තිසේරා මහතා පත් කෙරේ

Mohamed Dilsad

උසස් පෙළ සිසුන්ට හා ගුරුවරුන් සඳහා ටැබ් ලබා දීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

ලංගම සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

Mohamed Dilsad

Leave a Comment