ප්‍රමුඛ පුවත 1

සැක සහිත වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

 

 

 

(UTV| කොළඹ) – සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කුරුණෑගල මහරෝහලේ වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කුරුණෑගල පොලිසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක් වන සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි නැමති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඒ අනුව ඔහුට මෙම වත්කම් ලැබුණු ආරකය සම්බන්ධයෙන් පොලිසිය මේවන විට ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේත් ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

සියලුම දිස්ත්‍රික්කවල ආරක්ෂක කමිටු රැස්කරන ‌ලෙස දිසාපතිවරුන්ට උපදෙස්

Mohamed Dilsad

වංචනික විදුලි පරිහරණයන් සම්බන්ධයෙන් තොරතුරු ඇතොත් දැනුම් දෙන්න

Mohamed Dilsad

Leave a Comment