ප්‍රමුඛ පුවත 1

මුහුණු ආවරණය සහිතව පැමිණෙන්නන් පිළිබඳව පාසැල් ප්‍රධානීන්ට ලිපියක්.

(UTV| කොළඹ) – මුහුණු ආවරණය සහිත ඇඳුම් හා ආරක්ෂිත හිස් ආවරණ පැළඳ කවුරුන් හෝ පාසලට පැමිනෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් පාසල් ප්‍රධානීන් මැදිහත් වියයුතු ආකාරය පිළිබඳව පාසල් ප්‍රධානීන්ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.

පසුගිය දිනවල පාසල් කිහිපයක ගැටලු සහගත තත්ත්වයක් ඇති වීම හේතුවෙන් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙන අතර තහනම් කරන ලද හිස් ආවරණ පිළිබඳ දැක්වෙන රූප සහිත දැන්වීමක් පහතින් දැක්වා ඇත.

පූර්ණ මුහුණු ආවරණ සම්බන්ධව හදිසි නීති රෙගුලාසි යටතේ නිකුත් කර ඇති රජයේ අති විශේෂ ගැසට් නිවේදනයන් හි දැක්වෙන නියෝගයට අනුකූලව සහ මානව හිමිකම් කොමිෂන් සභාව මුහුණු ආවරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කර ඇති චිත්‍රණයක් ද සහිතව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එම විශේෂ ලිපිය අධ්‍යාපන ලේකම්වරයා පාසල් ප්‍රධානීන්ට යොමු කොට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු 23 ඇරඹේ

Mohamed Dilsad

දින100 සත්‍ය කතාව හෙළි කිරීමට සුදානම් – ජනපති කියයි

Mohamed Dilsad

ආවා කල්ලියේ සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment