ප්‍රමුඛ පුවත 1

අසත්‍ය පුවත් මවන මාධ්‍ය මාෆියාව නැවැත්විය යුතුයි- ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි

(UTV| කොළඹ)  – මාධ්‍ය මාෆියාවක් දැන් ක්‍රියාත්මක වන නිසා තමන් සම්බන්ධ සියළු පුවත් විකෘති කර ඉදිරිපත් කරන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේතුවේදී අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා පැවසුවේ තමන්ගේ උපදේශකවරයෙකු ලෙස මවුලවිවරයෙකු සිටින බවට කෙරෙන ප්‍රකාශ සම්පුර්ණයෙන් අසත්‍ය බවත්,තමන්ගේ සහෝදරයා අත්අඩංගුවට ගත බවට පල වන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය බවත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේය.

ඒ සඳහා තමන් සතුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලබාගත් ලිපියක්ද ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය පාර්ලිමේන්තුවට දැමීම රජය විසින් කල් අරින බවට විපක්‍ෂ මන්ත්‍රීවරු අද පාර්ලිමේන්තුවේදී චෝදනා කළහ.

මෙහිදී සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මේ දක්වා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඉදිරිපත් කල එකදු චෝදනාවක් හෝ ඔප්පු කිරීමට අසමත්ව ඇති බවයි.

එම චෝදනා පිළිබඳව සාක්‍ෂි ඇත්නම් වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද සභානායකවරයා මෙහිදී පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සේවයෙන් බැහැර ගිය සෙබළුන් අල්ලන්න විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණ අයැදුම් කිරිම අද අවසන්..

Mohamed Dilsad

වැඩි මිලට සහල් විකුණුවොත් වැඩ වරදී

Mohamed Dilsad

Leave a Comment