ප්‍රමුඛ පුවත 1

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාවට සිහිකැඳවීමක්

(UTV| කොළඹ) – කැනේඩියානු අග්‍රාමාත්‍ය ජෙස්ටින් ටෘඩෝ ශ්‍රී ලංකා රජයට සිහිකැඳවීමක් කර තිබේ.

ඒ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු ඉටු කරමින් යුද්ධයේදි පීඩාවට පත්වුවන් වෙනුවෙන් වගවීමේ ක්‍රියාවලිය අර්ථවත්ව ක්‍රියාවට නැංවිය යුතු බවටයි.

ශ්‍රී ලංකාවේ තිස්වසරක් පුරා පැවති යුද්ධය අවසන් කර එහි දස වන සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කල බව විදෙස් වාර්තා වල දැක්වේ.

පසුගිය දශකය පුරාවටම තමන් යුද්ධයෙන් පීඩාවට පත් බොහෝ දෙමළ කැනේඩියානුවන් මුණ ගැසී ඇති බව සඳහන් කරන කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඔවුන් දිගු කාලීන සාමය සහ සංහිදියාව අපේක්ෂා කරන බව ප්‍රකාශ කල බවද කැනේඩියානු අග්‍රාමාත්‍වරයා පවසයි.

මෙහිදී ඔහු කැනඩා රජය වෙනුවෙන් ද්‍රවිඩ ජාතිකයින්ට සිය කණගාටුවද ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සමඟ වැඩකළ හැකි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට [VIDEO]

Mohamed Dilsad

වීසා නොමැතිව මෙරට රැඳී සිටින්නන්ට ඇ.ඩො 500ක දඩ මුදලක්

Mohamed Dilsad

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

Mohamed Dilsad

Leave a Comment