ප්‍රමුඛ පුවත 1

අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩය .

(UTV| කොළඹ) – පොදු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ අරමුණින්, විශාල වශයෙන් ජනතාව රැස් වන ආමිස පූජාවන්ගෙන් බැහැර වන්නට සිදු වුව ද, බුදු දහමේ උත්තරීතර වටිනාකම් මත පදනම්ව ප්‍රතිපත්ති පූජාවෙන් සමාජ නවෝදයක් උදෙසා කටයුතු කරන්නට මේ වෙසක් සමයේ එක්සත්ව කටයුතු කිරීම අතිශය වැදගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙසක් දින පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

මෙවර වෙසක් පුන් පොහෝ දින එළඹෙන්නේ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයකින් නිසා ශ්‍රී ලංකා සමාජය කැළඹීමට, බියට සහ වේදනාවට පත්ව සිටින අවිනිශ්චිත අවස්ථාවකය. එබැවින් ජාති, ආගම් වශයෙන් බෙදී වෙන් වී විනාශය වැළඳ ගැනීම වෙනුවට, එකිනෙකාගේ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මිනිසුන් ලෙස සාමයෙන් එක්ව කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් වන බව අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ජනපති ඉන්දීය විදේශ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

කසුන් සහ බිරිඳ යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

හිටපු අගවිනිසුරුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතිසී.

Mohamed Dilsad

Leave a Comment