ක්‍රීඩා

අවිශ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට දූෂණ චෝදනා

(UTV| කොළඹ) – ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හිටපු පිතිකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට දූෂණ චෝදනා එල්ල වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් ආයතනය වෙනුවෙන්  ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසිනුයි ඔවුන් දෙදෙනාට එරෙහිව මෙම චෝදනා ගොනුකර ඇත.

පසුගිය වසරේදී පැවැත්වූ T 10 ක්‍රිකට් තරඟාවලියේදී පුහුණුකරුවන් ලෙස එම තරඟාවලියට එක්වෙමින් දූෂණ ක්‍රියාවන් සඳහා මොවුන් සම්බන්ධ වූ බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය චෝදනා කරයි.

නුවන් සොයිසා හට දූෂණ මර්ධන පනතේ වගන්ති හතරක් යටතේ චෝදනා එල්ලකර ඇති අතර අවිශ්ක ගුණවර්ධනට වගන්ති දෙකක් යටතේ චෝදනා එල්ලකර තිබේ.

නුවන් සොයිසාහට දැනටමත් තාවකාලික තරඟ තහනමක් පනවා ඇති අතර අවිශ්ක ගුණවර්ධනටද වහාම ක්‍රියාත්මකවන පරිදි තාවකාලික ක්‍රිකට් තහනමක් පනවා ඇත.

මොවුන් දෙදෙනාට නිදහසට කරුණු කීමට සඳහා මැයි මස 9 වනදා සිට දින 14 කාලයක් ලබාදී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කාසියේ වාසිය එංගලන්තයට

Mohamed Dilsad

සිව්වැනි දිනය අවසන් – මැතිව්ස් – කුසල් ශතක සමඟ නොදැවි සටනේ..

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment