ප්‍රමුඛ පුවත 1

සහරාන් හෂීම්ගේ ගෝලයෙකු නිදහස් කර ගැනීමට පොලිසියට අල්ලස් දීමට උත්සාහ කල අයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට අල්ලසක් ලබාදීමට තැත් කළ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

ජාතික හවුහිත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ ගෝලයෙකු ලෙස සැලකෙන අබ්දුල් මොහොමඞ් නියාස් නමැති පුද්ගලයා නිදහස් කර ගැනීම සඳහා ඔහු විසින් හොරොව්පතාන පොලිස් ස්ථානය තුළදී අද  රුපියල් 250,000ක  මුදලක් ලබා දී ඇත.

අබ්දුල් මොහොමඞ් නියාස් නමැත්තා පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියි.

ඒ අනුව ලබන 14 වනදා පැවැත්වෙන මීළඟ නඩු වාරයේදී ඔහුට ඇප ලබාදීමට විරුද්ධත්වය නොමැති බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සැකකරු විසින් මෙම අල්ලස් මුදල ලබාදීමට උත්සාහ කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුක්කරවැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

මෙම සැකකරු විසින් ප්‍රකාශ කර ඇත්තේ අබ්දුල් මොහොමඞ් නියාස්ව නිදහස් කල හොත් රුපියල් ලක්ෂ 5 ක මුදලක් හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදෙන බවයි.

ඉන් කොටසක් අද දින ලබාදී අබ්දුල් මොහොමඞ් නියාස්ව නිදහස් කල පසු ඉතිරි මුදල ලබාදෙන බව සැකකරු ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, අල්ලස් හා දූෂණ විමර්ශන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාප අපේක්ෂකයින්ට ඇමති සාගලගෙන් රතු එළියක්

Mohamed Dilsad

දෙවන පාසල් වාරය අදින් අවසන්

Mohamed Dilsad

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment