ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදෙස් ජාතිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – ආගමන විගමන නීති උල්ලංඝණය කළ විදේශිය ජාතිකයින් 04 දෙනෙකු අවිස්සාවේල්ල හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අවිස්සාවේල්ල උක්වත්ත ප්‍රදේශයේදී වීසා නොමැතිව මෙරට රැඳි සිටී නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

31 සහ 26 හැවිරිදි සැකකරුවන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ද 25 සහ 24 හැවිරිදි පාකිස්ථාන් හා බංගලාදේශ ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වීසා නොමැතිව මෙරට රැඳි සිටීම හේතුවෙනි.

ඔවුන් අද අලුත්කඩේ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක්

Mohamed Dilsad

35 වන පොලිස් විශේෂ කාර්ය බලකා රණවිරු ගුණසැමරුම අදයි

Mohamed Dilsad

බණ්ඩාරනායක මාවතේ පුද්ගලයින් 1010 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment