ක්‍රීඩා

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

(UTV| කොළඹ) – එළඹෙන ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී වන සම්පූර්ණ ශ්‍රී ලංකා සංචිතය අද නම් කිරීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට පල වන මාධ්‍ය වාර්තා ලසිත් මාලිංග ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ නමින් පවත්වා ගෙන යන ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ මේ බව පල කර තිබුණි.

නමුත් ලසිත් මාලිංග පවසන්නේ මෙවර ලෝක කුසලානය සඳහා සභාගීවිමට ඔහු අපේක්ෂා කරන බවයි.

36 වන වියේ පසුවන තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තවමත් තීරණය ගෙන නොමැති බවලසිත් මාලිංග පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මත ඔහු විසින් මෙම තීරණය ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා පල කර තිබුනා නමුත් එයද ලසිත් මාලිංග සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉදිරි මාසවලදී රටවල් 3 ක් නවසීලන්තයේ සංචාරයකට සැරසේ

Mohamed Dilsad

සිඩ්නි තන්ඩර් පරදා මෙල්බර්න් කණ්ඩායමට ජය

Mohamed Dilsad

ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

Mohamed Dilsad

Leave a Comment