ප්‍රමුඛ පුවත 1

මාලදිවයින භාරයේ සිටි ධීවරින් පිරිසක් නිදහස්

(UTV| කොළඹ) – මාලදිවයින් රජය භාරයේ සිටි මෙරට ධීවරයින් 21 දෙනෙකු අද (11) රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

ශ්‍රී ලංකා රජය මාලදිවයින සමඟ සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙලෙස ධීවරයින් නිදහස් කර තිබේ.

පසුගිය පෙබරවාරි 28 වනදා මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පිරිස  එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගත බව නාවික හමුදාව පවසයි.

කාර්තිව්, පෙරියආරච්චල් සහ උච්චමුණිය මුහුදු ප්‍රදේශවලදී සිදු කල මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලුම වාහන වල මැතිවරණ ස්ටිකර් ගැලවීමේ සුදානමක්

Mohamed Dilsad

තව්හීත් ජමාත් නායක සහරාන් සමඟ ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment