ප්‍රමුඛ පුවත 1

රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලිසිය භාරයට

(UTV| කොළඹ) – ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා වැලිගම පොලීසියට භාර දී තිබේ.

ඔහු ගමන් කළ මෝටර් රථයේ තිබී ගංජා සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස වැඩි දුර පරීක්‍ෂණ පවත්වයි.

ඔහු සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් 04 දෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරීන් මේ වන විටත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය පවසයි.

රංගන ශිල්පී රයන් වැන් රෝයන් ඇතුළු 5 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේ ය.

ඔහු සමග දිවයිනට පිටුවහල් කර ඇති අනෙක් පුද්ගලයින් වන්නේ මොහොමඩ් වෂීම්ඩීන්, දිමුතු සුරන්ත පෙරේරා ,සුරාජ් කාවින්ද සිල්වා සහ චරිත් පත්මන් නමැති අයයි.

මාකඳුරේ මධුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ පිරිසෙන් මේ වන විට 13 දෙනෙකු දිවයිනට එවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද විශේෂ පක්ෂ නායක රැස්විමක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාස දිනන මැතිවරණයක්

Mohamed Dilsad

කතානායකට සහ පක්ෂ නායකයන්ට අගමැතිගෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment