ප්‍රමුඛ පුවත 1

අප්‍රේල් පළමුවෙනිදාට නිකුත් වූ සුබ පැතුම් පණිවිඩය

(UTV| කොළඹ) – රට තුල දුම්වැටි භාවිතය අවම කිරීමට ජනතාව පෙළඹවීම සඳහා මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු  මධ්‍යස්ථානය අද තවත් වැඩසටහනක් සංවිධානය කර තිබුණා. ඒ අනුව අප්‍රේල් පළවෙනිදා වන අද දින තවමත් දුම්වැටි භාවිත කරන්නන් වෙනුවෙන්  සුබ පැතුම් පණිවිඩය නිකුත් කිරීමට මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු  මධ්‍යස්ථානය කටයුතු කළේය .

අද දිනයේ විශේෂයෙන් දුම්රිය ස්ථාන සහ ජනතාව ගැවසෙන ස්ථාන වලදී මෙමෙ සුබ පැතුම් පණිවිඩය බෙදා හැරුණා.මීට අමතරව කලාකරුවන් යොදාගෙන යහපත් පණිවුඩයක්  සමාජ ගත කිරීමටද මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු  මධ්‍යස්ථානය කටයුතු කර තිබුණි.

මෙරට පිරිමි පුද්ගලයින්ගෙන් 29.4% ක් දුම්වැටි භාවිත කරන අතර කාන්තාවන්ගෙන් 0.1% ටත් අඩු ප්‍රමාණයක් දුම්වැටි භාවිත කරන බව සුරාබදු දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙනෙවා.මෙරට දිම්වටි භාවිතය සඳහා දිනකට වැය කරන මුදල රුපියල් කෝටි 38ක් බෙවට ගණන් බලා තිබෙනවා.මෙම මුදල් වලින් 90% ත් වඩා වැඩි ප්‍රමාණයක් ගලා යන්නේ බ්‍රිතාන්‍ය සහ ඇමෙරිකානු දුම්වැටි සමාගම් වලටය.

සෑම පැයකට 3කු බැගින් දිනකට 72කුත් වසරකට 26280 දෙනෙකුත් දුම්වැටි භාවිතය නිසා මරණයට පත්වේ.

මේ අතර බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරනවා දැයි සොයා බැලීමට අද සිට පුළුල් මෙහෙයුමක් සිදුකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 500ක හෙරොයින් තොගයක් පොලිස් බාරයට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේ තවත් නිරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් දිවයිනට

Mohamed Dilsad

ජනපති කුඩා ව්‍යාපාරිකයන්ගේ තතු විමසයි

Mohamed Dilsad

Leave a Comment