ප්‍රමුඛ පුවත 1

අල්ලස තුරන් කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වේ

(UTV| කොළඹ) – අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික සැලැස්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) කොළඹ පැවැත්වෙන උත්සවයකදී එළිදැක්වීමට නියමිතයි.

මෙම ජාතික සැලැස්ම යහපත් ආකල්පවලින් පොහොසත් දරු පරම්පරාවක් නිර්මාණය කිරීම , කාර්යක්ෂම පුද්ගලික හා රාජ්‍ය සේවයක් බිහි කිරීම සහ නීතිය හා සාධාරණත්වය එකසේ බෙදෙන ක්‍රමවේදයක් ඇති කිරීමේ අරමුණින් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව අල්ලස් වත්කම් බැරකම් කොමිෂන් සභා මැතිවරණ ප්‍රචාරණ සහ හඩ නගන්නන්ට අදාළ නීති කෙටුම්පත් යෝජනාවද අද එළිදැක්වීමටයි නියමිතයි .

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිවේදනය කලේ මෙම ග්‍රන්ථ හතරම සිංහල , ද්‍රවිඩ සහ ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම එලිදක්වන බවයි.

ඊට කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රිෂාඩ් බදියුදීන් මහතා නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

Mohamed Dilsad

දිවියා මැරූ පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්න නියෝග

Mohamed Dilsad

අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

Leave a Comment