ප්‍රමුඛ පුවත 1

මෙවර අය වැයෙන් බලාපොරොත්තුවන දේ…

(UTV| කොළඹ) – හෙට දිනයේ ඉදිරිපත් කිරීමට සුදානම් වන්නේ රජයේ පස් වැනි අයවැයයි.

මෙමගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ඇතුළු මෙරට ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණු කර ගෙන මෙවර අයවැය ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා  සුදානමින් සිටියි.

2019 අයවැය හෙට (05) පස්වරුවේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇතැයි රජය ගණන් බලා තිබේ.

මෙම අයවැය මගින් ‘ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන’ යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට නියමිත අතර දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තව දුරටත් පවත්වා ගෙන යමින් මෙරට ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීමට අපේක්‍ෂා කරයි.

ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් පමණ වනු ඇතැයි විශ්වාස කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඉහළ පෙළේ නෝවේජියානු නිලධාරිනියක් දිවයිනට

Mohamed Dilsad

රත්‍රන් තොගයක් සමඟ ගුවන් සෙබලෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment