ප්‍රමුඛ පුවත 1

ටිනර් බැරලයක් පිපිරී දරුවෙකු මරුට.දෙදෙනෙකුට තුවාල

පොළොන්නරුව,පුලස්තිගම,ගල්කැටිදමන ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළදී ටිනර් අඩංගු බැරලයක් කැපීමට යාමේදී එය පිපිරී වයස අවුරුදු 10ක් වයසැති දරුවෙක් මිය ගොස් තිබේ.

මාතලේ පදිංචි මොවුන් සිය ඥාති නිවසකට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇත.

ඊයේ (24) පස්වරුවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවූ අතර එම දරුවාගේ වැඩිමහල් සහෝදරයා සහ පියා තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුලත් කර ඇති බව අප වාර්තාකරු පැවසීය.

තුවාල ලැබූ 16 හැවිරිදි වැඩිමහල් සහෝදරයාට අද දිනයේ ශල්‍යකර්මයක් සිදුකිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සබඳතා වර්ධනයට පියවර

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාග වංචාවකට සම්බන්ධ සිසුවෙක් සහ ගුරුවරියක අත්අඩංගුවට

Mohamed Dilsad

තාජුඩීන් ඝාතනයට අදාළව ආනන්ද සමරසේකරට වරෙන්තු

Mohamed Dilsad

Leave a Comment