ප්‍රමුඛ පුවත 1

ළමුන් යොදවා කෙරෙන රත්‍රන් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකික කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|ඉන්දියාව) – රත්‍රං කිලෝ 11කට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම රත්‍රන් තම දරුවාගේ ඇඳුමේ සඟවා ඉන්දියාවට රැගෙන යාමේදී ලද තොරතුරක් මත ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායි නුවර දී ඉන්දීය ගුවන් බුද්ධි ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ළමයින් යොදවා සිදුකෙරෙන රත්‍රං ජාවාරමක් පිළිබදව තොරතුරු ලැබීමත් සමඟය.

මෙම ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා සහ ළමයා සිංගප්පූරුවේ සිට පෙරේදා මුම්බායි වෙත පැමිණ තිබේ.

මෙම කාන්තාවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව කිසිදු නීතිවිරෝධී ද්‍රව්‍යයක් නොතිබූ බව හෙළිවිය.

පසුව දරුවාගේ ඇදුම පරීක්ෂා කිරීමේදී එහි ඇතුලූපස අලවා තිබූ රන් කැබලි 108ක් සොයාගෙන ඇති අතර එහි බර කිලෝග්‍රෑම් 11කට ආසන්න බව ඉන්දීය රේගු බලධාරීන් පවසයි.

එහි වටිනාකම ඉන්දීය රුපියල් තුන් කෝටි තිස් එක් ලක්ෂයක් පමණ වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් අට කෝටිය ඉක්මවයි.

ඒ අනුව ඔවුන් පෙබරවාරි 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

රන් ජාවාරම සඳහා යොදා ගත් දරුවා ළමා නිවාසයකට යොමු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මෙම දරුවා සහ මව අනෙක් කාන්තාව විසින් විශාල මුදලක් ලබාදෙන බව පවසා රන් ජාවාරම සඳහා යොදවාගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට [VIDEO]

Mohamed Dilsad

ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට කොළඹ වරාය පැමිණෙයි

Mohamed Dilsad

කෘතීමව රා නිපදවන ස්ථානයක් වටලයි

Mohamed Dilsad

Leave a Comment