ප්‍රමුඛ පුවත 1

රීයූනියන් දිවයිනට අනවසරයෙන් ගිය පිරිස අද දිවයිනට

(UTV| කොළඹ) – නීතිවිරෝධි ලෙස ධීවර යාත්‍රා යොදාගෙන ප්‍රංශයට යාමට උත්සහ කළ පිරිස අද(14) යළි දිවයිනට රැගෙන ඒමට නියමිතය.

ඔවුන් ප්‍රංශයට අයත් ගුවන් යානයකින් දිවයිනට පැමිණීමට නියමිතය.

ඉන්දියන් සාගරයේ පිහිටි රීයූනියන් දිවයින ප්‍රංශ රජයට අයත්වේ.

එම දිවයිනට නීතිවිරෝධිව ගිය ශ්‍රී ලංකිකයින් 70 දෙනෙකු මෙලෙස රැගෙන එන බව ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙහෙයුම් කල්‍යාණී හේවාපතිරණ පැවසීය.

පසුගිය ජනවාරි 24 වනදා අඩි 60ක දිගකින් යුත් ධීවර යාත්‍රාවකින් පුද්ගලයින් 72 දෙනෙකු හලාවතින් පිටත්ව රීයූනියන් දිවයිනට ළඟා වී ඇත්තේ පෙබරවාරි 04 වනදාය.

මෙම පිරිස අතර කුඩා දරුවන් 05 දෙනෙකු සහ  කාන්තාවන් 08 දෙනෙකු ද සිටින බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද කොළඹට එන ‘ජනමහිමය’

Mohamed Dilsad

හමුදා සෙබළෙකු බස් රථයක ගැටී මරුට

Mohamed Dilsad

මේ වසරේ ඩෙංගු රෝගීන් 4900ක්

Mohamed Dilsad

Leave a Comment