ප්‍රමුඛ පුවත 1

අතුරුදන් වූ බව කියූ දැරිය ඝාතනය කල බවට මවගෙන් පාපොච්චාරණයක්

(UTV|කරුවලගස්වැව) – තම සිව් හැවිරිදි දැරිය ඝාතනය කළ බවට දැරියගේ මව පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

දැරිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන කළාඔයේ සෝදිසි කිරිම් ආරම්භ කර ඇති බව අප වර්හාකරු පවසයි.

සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේ සිව් හැවිරිදි දැරියක් පසුගිය  30 වනදා සිට අතුරුදහන් ව සිටි බවට ඇගේ ඥාතීන් විසින් පොලිසියට පැමිණිලි කර තිබුණි.

W.G. තෙනුරි තිසාරා නැමති දැරිය සොයා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම සිදු කළේය.

නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා කර තිබේ.

පසුව ඊයේ(02) පස්වරුවේ එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර  කලාඔයට දැමු බවයි.

ඇය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගෙන් මෝදිට ඇරයුමක්

Mohamed Dilsad

මාධ්‍ය ආයතනයක විකාශය කළ පුවතකට එරෙහිව පැමිණිල්ලක්

Mohamed Dilsad

ඇවන්ගාර්ඩ් නඩුවේ විත්තිකරුවන්ට විදේශගතවිමට අවසර..

Mohamed Dilsad

Leave a Comment