ප්‍රමුඛ පුවත 1

අනවසර වැලි කැණීම් සිදුකරන්නන් සොයා අද සිට මෙහෙයුම් තදින්

(UTV| කොළඹ) – බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරමින් වැලි කැනීම් සිදු කරන්නන් සොයා අද සිට මෙහෙයුම් ආරම්භ කරයි.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසුවේ මෙහි පළමු අදියර පසුගිය ඔක්තෝබර් මාසයේ ක්‍රියාත්මක කළ අතර පසුගියදා කින්නියා ප්‍රදේශයේ සිදුවූ සිද්ධියෙන් පසුව එම වැටලීම් දැඩි කල බවයි.

ඒ අනුව ලබාදී ඇති බලපත්‍රවල කොන්දේසි උල්ලංඝණය කර ඇති බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අත්හිටුවීමට පියවර ගනු ඇත.

වැලි කැණීම් සඳහා අවසර නොදෙන ගංඟා ආශ්‍රීතව  සිදු කරන අවිධිමත් වැලි ගොඩදැමීම් පිලිබඳ තොරතුරු ලැබී ඇති අතර ඒවාට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් තවදුරටත් විධිමත් කර තිබේ.

මේ වන විට කළු, කැලණි යන ගංඟාවල සහ දැදුරු සහ මා ඔයේ වැලි කැණීම් සඳහා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගංවතුරෙන් විපතට පත් ජනතාවට වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්.

Mohamed Dilsad

බංග්ලාදේශ 49 වන ජාතික නිදහස් දිනය සැමරේ

Mohamed Dilsad

රන්ජන් රාමනායකට එරෙහි නඩුව ලබන වසරට කල් යයි

Mohamed Dilsad

Leave a Comment