ප්‍රමුඛ පුවත 1

ජනපති පිලිපීන සංචාරය අරඹයි

(UTV| කොළඹ) – දින 05 ක රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිලිපීනය බලා පිටත්ව යයි.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා පිලිපීනය බලා පිටත්ව ගිය බව අජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

පිලිපීන ජනාධිපති රොඩිරිගෝ ඩියුටේට් මහතාගේ විශේෂ නිල ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්ව තිබේ.

දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා ඉහළ නංවා ගැනීම සංචාරයේ අරමුණයි.

පිලිපීන ජනාධිපතිවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්වීපාර්ශවීය සකච්ඡා හෙට පෙරවරුවේ පැවැත්වෙන අතර දෙරට අතර දීර්ඝ කාලිනව පවතින සබඳතා නව ක්ෂේත්‍රයන් කෙරෙහි ව්‍යාප්ත කරීමේ හැකියාව පිළිබඳව එහිදි අවධානය යොමු කෙරෙනු ඇත.

සංචාරයේදී ජනාධිපතිවරයා මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ එරට පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ ද සංචාරය කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු මැයි දින රැළි අවලංගු කෙරේ

Mohamed Dilsad

එජාපයේ ජන රැළිය අද කොළඹදී

Mohamed Dilsad

ඔස්ට්‍රේලියාවට පලා ගිය එල්.ටී.ටී.ඊ සොල්දාදුවෙකු එරට පුද්ගල ඝාතනයකට වරදකරු වෙයි

Mohamed Dilsad

Leave a Comment