ප්‍රමුඛ පුවත 1

අගමැති හෙට උතුරට

(UTV| කොළඹ) – පසුගිය දිනවල උතුරු පළාතට ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ අධික ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට සහ අවශ්‍ය සහන පිළිබඳව විමසා බැලීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (28) එම පළාතේ සංචාරයක යෙදීමට නියමිතය.

ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා ඊයේ (26) අග‍්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශාල මෙහෙවරක්‌ සිදු කරමින් සිටින බව ද ඇමැතිවරයා  එනිදී සඳහන් කළේය.

ඊට අමතරව ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු තවත් රාජ්‍ය ආයතනවල නිලධාරීන් දිවා රෑ නොබලා සිය රාජකාරි ඉටු කරන බවත් ,  සිවිල් සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්ව ආධාර ලබාදීමට ඉදිරිපත්ව සිටින බවත් මේ සියලුම දෙනාට රජයේ ස්‌තුතිය ප්‍රකාශ කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට -කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී

Mohamed Dilsad

ජෝර්දානයෙන් යලිත් පොදු සමා කාලයක්

Mohamed Dilsad

සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ වැඩ සටහන හෙට (14) ජනාධිපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment